නිර්මාණාත්මක ලේඛනය

සිංහල බසින් කතාන්දර ලිවීමේ ශිල්පවේදය

ඔබ ලියනවාද?

ඔබ ලියනවා නම් මේ ඔබටයි.
ඔබ ලියන්නේ නැතිනම් කිසිවකුටවත් ඔබව ලේඛකයකු බවට හැරවිය නොහැකිය!
කාරණය නම් ඔබට ලියන්නට අවශ්‍ය වීමයි!

යම් මොහොතක ඔබ ලේඛකයකු යැයි නැතිනම් ඔබට ලේඛකයකු වීමට අවශ්‍ය යැයි ඔබ තීරණය කළහොත් අපට ඔබට සහාය විය හැක්කේය. එසේම එය කිසිදා නිමා නොවනා නිපුණත්වයක් කරා යන චාරිකාවකි.

සති දොළහකට වැඩි කාල පරිච්ඡේදයක් තුළ අප ඔබව ඔබේම ලියවිලි ඔස්සේ ලිවීමේ ශිල්පවේදය, මෙවලම්, ශිල්පීය ක්‍රම මෙන්ම අදහස් ගවේෂණය කරන චාරිකාවක් රැගෙන යන්නෙමු.
විටින් විට අප ප්‍රවීනයන්ව ඔවුන්ගේ අග්‍රකෘති ඔස්සේ ආනුභාවය ලැබීමට, මගපෙන්වීමට මෙන්ම ක්‍රමවේදයන් වටහා ගැනීම සඳහා කැඳවනු ඇත.

මේ සියල්ල කිරීමට නම් ඔබ ලිවිය යුතු වේ. ඔබේ නිර්මාණ ඉදිරිපත් කිරීම මෙන්ම බෙදාහදා ගැනීම කළ යුතුවේ. එසේම ඔබේ නිර්මාණ විශ්ලේශණයට හසු කිරීමට මෙන්ම ඒ යළි ලිවීමටද සූදානම් විය යුතු වේ. පුද්ගලිකව විවේචනයන් තුළින් ප්‍රතිපෝෂණය ලබන්නට සැබැවින්ම ඔබට තරමක් දැඩි සිතක් ඕනෑ වන බවද සිත තබා ගත යුතු වේ.

අප ඔබට මග පෙන්වන්නෙමු.

සමකාලීන ශ්‍රී ලාංකික සාහිත්‍යයේ හොඳම ලේඛකයන් අතරින් අයෙකු ඔබට මග පෙන්වමින් ඔබව පුහුණු කරනු ඇත.

මගපෙන්වීම් සහ පුහුණුව සිදු කරනු ලබන පැවරුම් චක්‍රය මත පදනම්ව ප්‍රතිපෝෂණය සහ උපදේශනය සමග කරන ඇගයුම මගින් සිදු කෙරේ.

ඉගැන්වීම, නව සංකල්ප, මෙවලම් සහ ශිල්ප ක්‍රම හඳුන්වා දීම ඉහත සඳහන් කළ චක්‍රය තුළ සිදු කෙරෙනු ඇත.

කෙසේ වුවත් මෙම වැඩ සටහනෙහි හෝ ශිල්ප පාසැල විසින් පිරිනමන අනෙක් කවර වැඩසටහනක වුවද සාර්ථකත්වය පවත්තේ ඔබ ඔබේ කලා කෞශල්‍යය භාවිතාවට නැගීම, ඔබේ නිර්මාණකරණය මතයි.

 

ඔබගේ පුහුණුකරු

ලාංකීය සාහිත්‍යයේ සාහිත්‍ය ෂානර නිර්ණය කළ, විචාරක සම්භාවනාවට පාත්‍ර වූ අග්‍රගණ්‍ය වදන් සුසදන්නකු වන කේ. කේ. සමන් කුමාර ඔබගේ ප්‍රධානතම පුහුණුකරු වේ.

ඇතැම් විචාරකයන්ට අනුව ඔහු විවාද සම්පන්න ලේඛකයෙකි.

ඔහු කිසිවිටෙකත් තම ආත්මය, තම දැක්ම ප්‍රකාශ කිරීමට පසුබට වූයේ නැති සේම නිර්දය එමෙන්ම නිර්භය විය.
මේ වන විට ග්‍රන්ථ හතලිහකට වඩා ලියා පළ කොට ඇති ඔහු කර්තෘත්වය දරණ කෘතීන් අතර නවකතා හතරක්, කෙටිකතා සංග්‍රහ හතරක්, පද්‍ය සංග්‍රහ පහක්, ළමා කෘතීන් ගණනාවක්, යොවුන් කතාන්දර පහක්, පරිවර්තන කෘතීන් දහහතක්, විචාරාත්මක හා ශාස්ත්‍රීය කෘතීන් හතරක් යනාදී වශයෙන් වේ.

සිංහල බසින් ලියන ලේඛකයන් අතර ඔහු මායා යථාර්ථවාදී ෂානරයෙහි පුරෝගාමියකු වේ. 1984දී පළ කළ ඔහුගේ කුළුඳුල් කෙටිකතා සංග්‍රහය තුළින් ඔහුගේ ආගමනය සළකුණු කෙරුණු අතර, එය ඔහුගේ සම්ප්‍රාප්තියේ මුද්‍රාව නොමැකෙන ලෙස සාහිත්‍ය ක්ෂේත්‍රයෙහි සනිටුහන් කළේය. එතැන් පටන් දශක හතරක් ගෙවී ගියද ඔහු තවමත් හදාරමින්, ගවේෂණයෙහි නියැළෙමින්, සතතාභ්‍යාසයෙහි යෙදෙමින්, පර්යේෂණයන් සහ අත්හදාබැලීම් සිදු කරමින් සාහිත්‍ය කෘතීන් ලෝකයට තිළිණ කරමින් සිටියි.

පුහුණු වැඩසටහන් වගතුග

සුවිශේෂ ලේඛන අභ්‍යාසයන්, පැවරුම්, ඒවා කෙරේ ප්‍රතිපෝෂණයන් සහ සංවාද ඔස්සේ සහභාගී වන්නන්ව ඔවුන් තෝරා ගත් ෂානරයන් හා ශෛලීන් තුළ, වඩාත් හොඳ ලේඛකයන් බවට පත් කිරීමට අවශ්‍ය ලේඛන කුසලතා මාලාවක් ඉසියුම් ලෙස ඔවුන් තුළ කාවැද්දීම.

වසර 16 සිට ඉහළට

සහභාගීවන පුද්ගලයා වයස 16ට අඩුනම් දෙමාපිය අවසරය අවශ්‍ය වේ.

ලිවීමේ කියවීමේ හැකියාව සහ වඩාත් හොඳ ලේඛකයකු බවට පත්වීමට වන ආශාව හැර අන් කිසිවක් අවශ්‍ය නොවේ.

ලියාපදිංචි කර ගැනීම පුහුණු වැඩසටහන ආරම්භ කිරීමට සති දෙකකට පෙර අවසන් කෙරේ.

පුහුණු වැඩසටහනට ඔබව බඳවා ගත් විට එහි පළමු සැසියට සූදානම් වන්නේ කෙසේද යන්න දැන ගැනීමට, කරුණාකාර ‘මුල් පැවරුම ඉදිරිපත් කිරීම සහ එයට සූදානම් වීම’ යනුවෙන් පහත එන ඡේදය කියවන්න.

පාඨමාලාව ඇරඹීමට සති දෙකකට පෙර පුහුණුකරු විසින් ලියාපදිංචි වී ඇති සියළු සහභාගීවන්නන්ට උපදෙස් මාලාවක් ලබා දෙනු ඇත.

ඉදිරිපත් කිරීමට ඇති අවසන් දිනට පෙර, එනම් පුහුණු වැඩසටහන ඇරඹීමට සතියකට පෙර සහභාගී වන්නන් දෙන ලද උපදෙස් අනුව තම ලේඛන පැවරුම ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය වෙයි.

  • ආකෘතිය සහ අන්තර්ගතය එකිනෙකින් වෙන් කර
    ගනිමු

  • මූලික ආකෘතිය
    – හොඳ වාක්‍ය ලිවීම
    – හොඳ වාක්‍ය හොඳ ඡේදයන් ලෙස සම්බන්ධ කිරීම
    – හොඳ ඡේදයන් හොඳ පරිච්ඡේද හෝ කෙටිකතා ලෙස සම්බන්ධ කිරීම
    – පුනරුක්තියෙන් වැළකීම

  • වැඩිදියුණු කළ ආකෘතිය (කතා ව්‍යුහය)
    – අනාවරණය
    – අතරමැදි විකාශනය
    – කූඨප්‍රාප්තිය
    – අවසානය

  • වැඩිදියුණු කළ ආකෘතිය
    – පුනරුක්තියට එරෙහි ලෙස අලංකාරික යොදා ගැනීම
    – පලදායී ලෙස අලංකාරිකයන් යොදා ගැනීම

  • අවියෝජනීය ලෙස අන්තර්ගතය කාවැද්දීම

  • පොදු දැනුම තුළට සුවිශේෂයන් කාවැද්දීම

  • බලපෑමක් ඇති කරන පරිදි මෙන්ම හැඟීම් පුබුදුවන පරිදි ලිවීම

  • සංස්කරණය (ස්වයං සැකසුම)

  • සෝදුපත් පිරික්සීම

  • වෘත්තීයමය සංස්කරණයෙහි අගය