රිද්මය අප සියළු දෙනා තුළම ඇත.
තමා රිද්මයාන්විත නැතැයි සිතන අය පවා ඔවුන් මෙලොව එළිය දැකීමටත් පෙරම මවගේ හෘදස්පන්දනයේ ශබ්දයට කන් දී තිබේ.
බොහෝ කලකට පෙර මිනිසා තමා තුළ පවතින අභ්‍යන්තර රිද්මය භෞතිකව ප්‍රකාශ කිරීමටත්, එය ශ්‍රව්‍යමය අත්දැකීමක් ලෙස ප්‍රකාශ කිරීමට මෙන්ම අනෙකුන් සමග ඒ බෙදාහදා ගැන්මටත් බෙරය නිර්මාණය කළෝය.
මෙම වැඩසටහන ඔබට ඔබ තුළ වන රිද්මය සොයා ගැනීමටත්, එය ප්‍රකාශ කිරීමටත් උපකාරී වන ලෙස නිර්මාණය කොට ඇත.
පුහුණු සැසිවාර 12ක් ඉක්මවා යන කාලයකින් නාද සංඝටනාවන් ඔස්සේ පුහුණු වෙමින්, අත්දකිමින්, විඳිමින් සහ නිර්මාණ කරමින් මෙන්ම නාද සංඝටනාවන් හරහා රිද්මයන් ප්‍රකාශ කරමින් අප ඔබ හා එක්ව අධ්‍යාපන චාරිකාවක් යන්නෙමු.
ඔබට ඔබේ සිරුර, මේසයක්, දොරක්, කළයක් හෝ ඔබට ඔබේ අතින් තලා නාදයන් සහ රිද්මයන් සුසදන්නට හැකි ඕනෑම දෙයක් යොදා ගත හැකිය.
රිද්මයෙහි විශිෂ්ඨත්වයට පත් ප්‍රවීනතම ශිල්පියෙකු විසින් ඔබට මග පෙන්වනු ඇත.
මෙම පුහුණු වැඩසටහන සඳහා යොදා ගන්නා ‘බෙරය’ ලෙස, ඔබට ඔබේ අත්වලින් තලා නාද ඉපදවිය හැකි ඕනෑම යමක්, ඔබේ පරිගණකය තබා ඇති මේසය, දොරක්, ජනේලයක්, කළයක්, හෝ හට්ටියක් නැතිනම් ඔබේම උකුල වුව හොඳටම ප්‍රමාණවත්ය.
මග පෙන්වීම සහ පුහුණුව ඔබ විසින්ම කල යුතු ක්‍රියාකාරකම් මතම පදනම් වනු ඇත.
සැසිවාරයන් තුල නවමු ඉගෙනුම්, අභ්‍යාස කිරීම්, ප්‍රකාශනයන්, ඉදිරිපත් කිරීම් මෙන්ම ඔබගේ උපකරණයන්ගෙන් පටිගත කිරීම් කොට ප්‍රතිපෝෂණය සඳහා උඩුගත කිරීමේ ක්‍රියාකාරකම්ද ඇතුලත්ය.
මෙම මාර්ගගත පාඨමාලාවට සම්බන්ධ වීමට ඔබ යොදා ගන්නා උපකරණය හැර කිසිදු නව උපකරණයක් ඒ සඳහා අවශ්‍ය නොකෙරේ. පටිගත කිරීම සහ ඒවා බෙදාහදාගන්නේ කෙසේද යන්න වැඩසටහන් අතරතුර උගන්වනු මෙන්ම පුහුණු කෙරෙනුද ඇත.
විශිෂ්ඨ නර්තනවේදියකු, නර්තන නිර්මාපකයකු, නාද සංඝටනවේදියකු සහ සංරචකයකු වන රවිබන්ධු විද්‍යාපති මෙම වැඩසටහන මෙහෙයවයි.
සාම්ප්‍රදයික ශ්‍රී ලාංකීය කලා අදිරදයේ ජය කෙහෙළි නැංවූ, මහත් සේ කැපී පෙනෙනා පවුලකින් පැවත එන රවිබන්ධු ප්‍රාසාංගික කලාවේ ප්‍රවීනයන් අනුදත් මග යමින්, දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද බොහෝ ගෞරවාදරයට පාත්‍ර වූ කලාකරුවකු වෙයි.
චිත්‍රසේන සහ වජිරා දෙපළ වෙතින්ම සාම්ප්‍රදායික නර්තනය පුහුණු වූ රවිබන්ධු, ඉන්පසුව කේරළයේ කලා මණ්ඩලම් ආයතනයෙන් කථකලී නර්තනය පුහුණු විය. ඔහු සාම්ප්‍රදායික බෙර වාදන ශිල්පය රටේ හොඳම බෙර වාදකයන් යටතේ හදාරමින් පුහුණු කළ අතර, සාම්ප්‍රදායික ගායනය මෙන්ම තබ්ලා හා පක්වාජ් වාදනයන්ද පුහුණු විය.
ඔහු ප්‍රාචීනදිග සම්ප්‍රදායට අයත් මුද්‍රානාට්‍ය විස්සක් පමණ නර්තන නිර්මාණය කොට, නිෂ්පාදනය කොට තිබේ. බොහෝ සාම්ප්‍රදායික සහ සමකාලීන නර්තනයන්, බොහෝ බෙරවාදන සහ සංගීතමය ඉදිරිපත් කිරීම් කර ඇති මෙන්ම දේශීය මෙන්ම විදේශීය වාද්‍ය වෘන්දයන් සමග ප්‍රාසාංගික ඉදිරිපත් කිරීම් සිදුකර තිබේ.
පසුගිය දශක කිහිපය මුළුල්ලේම රවිබන්ධු ලෝකය පුරාම බොහෝ කලා සංස්කෘතික උළෙලවල නර්තනයෙහි යෙදී තිබේ. ඔහු කලාව සම්බන්ධයෙන් පමණක් නොව වෛද්‍ය විද්‍යාව, මහජන සෞඛ්‍යය යනාදිය සම්බන්ධයෙන්ද වූ දේශීය මෙන්ම ජාත්‍යන්තර සම්මන්ත්‍රණ සහ සම්මේලනයන්හි තම ශාස්ත්‍රීය නිබන්ධයන් ඉදිරිපත් කොට තිබෙන අතර ග්‍රන්ථයන්ද ලියා පළ කොට තිබේ.
එසේම ජාතික සහ රාජ්‍ය අනුමණ්ඩලයන්හි සහ කාර්යාංශයන්හි ඉහළ නිලතල දරා තිබේ.
සහභාගීවන්නන් තුල රිද්මය සහ රිදමයානුකූල චලන නිරවද්‍ය ලෙස සංජනනය සහ ප්‍රකාශනයට අවශ්‍ය මූලික නිපුනතා ස්ථාපනය.
අවුරුදු 7න් ඉහළ
ලිවීමේ කියවීමේ හැකියාව සහ පැවරුම් සම්පූර්ණ කිරීම හැර වෙනත් සුදුසුකමක් සැපිරිය යුතු නොවේ.
පුහුණු වැඩසටහන ඇරඹීමට සතියකට පෙර ලියාපදිංචි කිරීම් අවසන් කෙරෙනු ඇත.
ලියාපදිංචිය අවසානයේදී සහභාගී වන්නන් / දෙමාපියන් දැනුවත් කිරීම සඳහා සහ අනෙකුත් අත්‍යාවශ්‍ය සූදානම් වීම් පිළිබඳව දැනුම් දීමට සූදානම් කිරීමේ සැසියක් පවත්වනු ඇත.
නාද සංඝටන සහ රිද්මයානුකූල වාද්‍ය පුහුණුව සඳහා හෝ ඒ ඉගෙනීම සඳහා විශේෂ සංගීත භාණ්ඩයක් අවශ්‍ය නොකෙරේ.
සහභාගී වන්නන්ට අන්තර්ජාල සබඳතාවකින් යුතු පරිගණකයක් හා සැසිවාරවලට සම්බන්ධ වීම සඳහා අත්‍යාවශය ආදාන සහ ප්‍රතිදාන උපකරණයන් අවශ්‍ය කෙරේ.
පටිගත කර ගැනීම සඳහා මෙන්ම පැවරුම් බාර දීම සඳහා පටිගත කිරීමේ යෙදවුමක් ඇති සුහුරු ජංගම දුරකථනයක් හෝ පරිගණකයක් අවශ්‍ය වේ.
මෙම අවශ්‍යතාවන් පිළිබඳ තොරතුරු පුහුණු වැඩසටහන ඇරඹීමට සතියකට පෙර සූදානම් කිරීමේ සැසියේදී සපයනු ලැබේ.